ෆේස්බුක් සමාගම කොවිඩ්19 වෛරසය පැතිරීමත් සමග සිය ග්‍රාහකයන් වෙත සමාජ දුරස්ථකරණය හා බැඳුණු නව imojiයක් තිළිණ කිරීමට සූදානම් වී තිබෙනවා දුරින් එනමුත් එක්ව සිටිමු යන්න සිය බිලියන දෙකක් ඉක්මවන ග්‍රාහකයන් වෙත ෆේස්බුක් සමාගම මේ සමග ලබා දෙන පණිවුඩයයි.

ඔවුන් එය නම් කර ඇත්තේ care හෙවත් පරිස්සම අර්ථ දක්වමින්. මේ වන විට ෆේස්බුක් වල දක්නට ඇත්තේ කැමැත්ත ,ආදරය,හාස්‍යය,විශ්මය,සංවේගය හා තරහව දැක්වෙන ඉමෝජි හයක් පමණයි .
