මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.
2020 අපේ‍්‍රල් 30 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළුව අත්‍යවශ්‍ය වියදම් නීත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. එමගින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන රටක් බවට හඳුන්වනු ලැබේ.
ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති බව මංගල සමාරවීර මහතා සිහිපත් කළේය.
අග්‍රාමාත්‍ය වෙත සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හට පිටපත් සහිත ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ


