ඡන්දයක් පැවැත්විය හැකි තත්ත්වයක් පැමිණි පසු නැවත මැතිවරණයකට යා හැකි බවත් , ඒ නිසාවෙන් ජනාධිපතිවරයා නැති අර්බුද මවන්නේ නැතිව ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතු බවත් ටිල්වින් සිලවා මහතා පවසනවා.

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නිකුත් කළ ගැසට් නිවේදනය පවා අවලංගු කළ හැකි බව හා ඡන්දය පැවැත්විය නොහැකි හදිසි තත්ත්වයක් ඇත්නම් ඒ තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ව්‍යවස්ථාව පිළිබඳ දැනුම අඩු නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව විමසිය යුතු බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා, මේ මොහොතේ ව්‍යවස්ථා අර්බුද “බිල්ලෝ“ මවන්නේ නැතිව කළ යුතුව ඇත්තේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම පැවසීය.

Advertisment