මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා විනිමය අනුපාතිකයට හා හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ.
බාස්මතී සහල් හැර අනෙකුත් සහල් රටකජු වැනි කෘෂි නිෂ්පාදන ද ඇතුළත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක්ද ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකද ආනයනය අත්හිටුවා තිබේ.
ඊට අමතරව ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිඟු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ණය පදනම මත පමණක් එනම්, මාස 03ක කාලයකින් පසුව ගෙවීම් කිරීමේ පදනම මත පමණක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇත.


ආනයනය සීමා කරන භාණ්ඩවලට අදාළව ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම භාණ්ඩ ලැයිස්තුවද එම නිවේදනයේ ඇතුළත් වෙයි.
