ශ්‍රී ලංකාවෙ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීම්ට මෙරට සමාගම් සමත්ව තිබෙනවා
එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර ගැනුණේ එතනෝල් ආනයනය ජනවාරි පළමුවෙනිදා සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයට අනුවයි.
බොරතෙල්වල අතුරු පලයක් ලෙස නිපදවෙන එතනෝල් උක් සහ බඩ ඉරිගු අමුද්‍රවය කර ගනිමින් නිෂ්පාදනය කෙරෙනවා.
ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහා එතනෝල් යොදාගැනුනත් විෂබීජහරණය ද්‍රව්,ය ජීවානුහරණය ද්‍රවයය, තීන්ත, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් ආදිය නිෂ්පාදනය සඳහාද යොදා ගැනෙනවා.
ලීටර් මිලියන 36ක් වූ මෙරට වාර්ෂික එතනෝල් අවශ්‍යතාවයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල් විදෙස් රටවලින් ආනයනය කිරීම කළ අතර 2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව ඊට දැරූ වියදම රුපියල් මිලියන 20,000ක්.
එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමෙන් සහ එම විදේශ විනිමය ඉතිරි කර ගනිමින් අවශ්‍ය ධාරිතාව දේශියව සපයාගැනීමේ අරමුණ ඇතිව ජනවාරි පළමුවනදා සිට ආනයනය සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට රජය පියවර ගත්තා.
මේ පිලිබද අදහස් දැක්වූ අපනයන කෘශිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා
” අපේ පැලවත්ත, සෙවණගල සීනි කර්මාන්තායතනය තිබෙද්දී එතනෝල් රුපියල් 200ට විකුනන්න බැරි උනා. උක් කැපෙන කොට මේ එතනෝල් දාන්න තැනක් තිබ්බේ නෑ. ඒක නිසා අපි රටින් ගේන එක නවත්තලා අපේ නිෂ්පාදන 290ට විකුන්න බැරි උන එක 500-500ත් අතර මිලකට දෙන්න කටයුතු කරා. “
එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය සැපයීමටත් එම සමාගම් සමත්වී තිබෙනවා.
මේ පිලිබද අදහස් දැක්වූ සීනී සමාගමේ සභාපති වරයා
මෙතනෝල් නිරෝධායන කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ වලින් අපි නිරන්තරයෙන් නිසි අයුරින් සහ අවශ්‍ය ප්‍රමාණවලින් ලබා දෙන්න ලංකා සීනි සමාගම සෙවනගලත් පැල්වත්තත් මේ වෙලාවේ කටයුතු කරගෙන යනවා. මීට අමතරව අපි නිෂ්පාදනය කරලා තියෙනවා අප ආයතනය මගින් Hand sanitizer එකක් (විෂබීජ නාශක දියරයක්). ඊට අමතරව දැන් රටේ ලොකු සීනි හිගයක් ඇවිල්ලාතියෙනව. ඒකටත් හරියන්න අපිට හැකි පමණින් සමුපකාර හා සතොසටත් අඩු මිලට සීනි ලබාදෙන්න දැනටමත් කටයුතු කරලා තියනවා
මෙතෙක් කල් එතනෝල් විශාලව විදෙස් රටවලින් ආනයනය කර ඇත්තේත්, වංචනිකව මෙරටට ගෙන්වා ඇත්තේත්, අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා ගත හැකිව තිබූ පසුබිමකයි.
ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දු ගැනීමෙත්, අදාල සමාගම් නිසි පරිදි සම්පත් කළමනාකරණය කිරීමේත් ප්‍රතිඵලයක් ලෙස විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි වූවා සේම මෙවන් අනෙකුත් නිෂ්පාදන දේශීයව සපයා ගැනීමේ වැඩ පිළිවෙළකට යා හැකි නම් එය රට ආර්ථික වශයෙන්ද විශාල ලාභයක් ගෙන දෙනු ඇති.