ඇදිරි නීතිය ඉවත් කෙරුණද සුරාසැල් තව දුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා.
අප්‍රේල් මස 20 වෙනිදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.
- කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
- මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශවල තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.
මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශ වනුයේ

