ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව තිබෙනවා එතනෝල් දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම්ට පියවර ගැනුණේ එතනෝල් ආනයනය ජනවාරි පළමුවෙනිදා සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයට අනුවයි

එතනෝල් වල අතුරු ඵලයක් ලෙස නිපදවෙන එතනෝල් උක් සහ බඩ් ඉරිගු අමුද්‍රවය යොදා ගනිමින්ද නිශ්පාදනය කරගත හැකියි. එතනෝල් ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහාද මීට අමතරව විෂබීජහරණය ද්‍රව්‍ය ජීවානුහරණ ද්‍රව්‍,ය තීන්ත, රූපලාවණ්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් ආදිය නිෂ්පාදනය සඳහාද යොදා ගැනෙන අතර ලීටර් මිලියන 36ක් මෙරට වාර්ෂිකව අවශ්‍යතාවයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල් විදෙස් රටවලින් ආනයනය කෙරුණා.

2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව ඊට වියදම රුපියල් මිලියන 20000ක්. එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගනිමින් අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා කිරීමේ අරමුණ ඇතිව ඉකුත් ජනවාරි පළමුවනදා සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය පියවර ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතුළත ලංකාවට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය නිපදවීමට එම සමාගම් සමත්වී තිබෙනවා

මේ ආයතන දෙකම පසුගිය කාලයේ පාඩු ලබන ආයතන වූ අතර විදේශයන්ගෙන් ආනයනය අත්හිටුවීමත් සමග ලාභ ලබන ආයතන බවට පත්වුණා. ගතවූ මාස 4 ඇතුලත එහි ලාභය මිලියන 1200 ක් වන් බවයි එම සමාගම පැවසුවේ.