පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ වැඩිම ආයතන ගණනක් හිමි වී බලවත්ම ඇමතිවරයා වූ රිෂාඩ් බදියුදීන් සතුව තිබූ දේශපාලන කේවල් කිරීමේ බලය නව රජය පත්වීමත් සමග අහෝසි වී තිබේ.

පසුගියදා රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් ඇතුලු හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ඉල්ලා සිටියේ කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමිදානය කළ යුතු බවටයි.

ඉතා විශාල දේශපාලන බලයක් හිමි කරගෙන සිටි මෙම කණ්ඩායමේ ඉල්ලීම් ඉටු කිරීම පාලකයන් පුරුද්දක් වශයෙන් මින් පෙර සිදු කළා.

කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් විසින් පාලනය කරනා නව රජය අනුගමනය කරන්නේ වෙනස් ප්‍රතිපත්තියක්.

මේ අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිගනිමින් එම මල සිරුරු ආදාහනය කිරීමට රජය තීරණය කළේ රිෂාඩ් බදියුදීන්, රාවූෆ් හකීම්ගේ බලපෑම් කිසිසේත්ම නොතකමින්.

ඉන්පසුව සිය බලපෑම් වලින් පලක් නොවන බව අවබෝධ කරගත් රිෂාඩ් බදියුදීන්, රාවූෆ් හකීම් නිහඬ වූ අතර ඉන්පසුව රිෂාඩ් බදියුදීන් සිය විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රංශ ජනපතිවරයාට ස්තූති කර තිබුනේ ප්‍රංශයේදි කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ මල සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම පිළිබඳවයි.

රිෂාඩ් බදියුදීන්ගේ එම ට්විටර් පණිවිඩය බොහෝ දෙනෙකු අතර හාස්‍යයට ලක්ව තිබුනා.