රමාණවත් රුධිර සංචිත අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට ජාතික රුධිර පාරවිලයන සේවය මේ වනවිට මුහුණ පා සිටිනවා.
ඒ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දිවයින පුරා සංවිධානය වන ලේ දන්දීමේ කඳවුරු අවලංගුවීම හේතුවෙන්.

ජාතික රුධිර පාරවිලයන සේවයට අවශ්‍ය රුධිර සංචිත වලින් සියයට 90ක් සපයා ගැනෙන්නේ දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන්දීමේ කදවුරු හරහායි.
නමුත් මේ වනවිට රටේ පවතින තත්ත්වය හේතුවෙන් සියලු ලේ දන්දීමේ කදවුරු අත්හිටුවා ඇති නිසා ඉදිරියේදී ප්‍රමාණවත් රුධිර සංචිත වල හිගයක් මතු විය හැකි බව එම සේවය පෙන්වා දෙනවා.

එම හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වලට අවශ්‍ය රුධිර ලබා දිමට ශ්‍රි ලංකා හමුදාව තීරණය කරතිබෙනවා. එහි පළමු අදියර ලෙස ලේ දන්දීමේ පළමු අදියර අද දින රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.