ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සිටි බන්ධනාගාර රැදවියකු අද (09) පස්වරුවේ දි රෝහලින් පැන ගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙකි රැදවියා ඊයේ බුස්ස බන්ධනාගාරයේ සිට උණ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබිම නිසා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත්කොට ඇත.

මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකටද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට පරික්ෂණවලදි තහවුරුවි ඇත.

මෙකි රැදවි අද පස්වරුවේ කොරෝනා වාට්ටුවෙන් පැනගොස් ඇත. මොහු මාතර බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරයට මාරුකළ අයෙකි.

ගෙවල් බිදුම් සම්බන්දයෙන් මොහු බන්ධනාගාරගත කොට ඇති බව පොලිසිය පවසයි.