කොරෝනා ආසාධිත බවට තහවුරු වූ පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ සිටි පුද්ගලයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැඟවි සිටින 50 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව කියන එම පුද්ගලයා සෞඛ්‍ය අංශ විසින් සොයා ගැනිමේන් පසුව ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන තිබුනා.

කෙසේ වෙතත් අදාල කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම නිසා සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව ඔහු ඇසුරු කළ හා ඔහු සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි පිරිස් ‍හදුනා ගෙන තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් රැදි සිටි ස්ථාන වලින් මේ වනවිට පලා ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Source : http://nethgossip.lk/article/36192