නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ ගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවන ලද අතර, එම උපකරණය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාර දීම අද (08) සිදු කරනු ලැබුවා.

රටතුල පැතිරී යන කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත නව නිපැයුම්කරුවන් දිරිමත් කරමින් ඔවුන් හට නව තාක්‍ෂණය සහ පහසුකම් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය හරහා ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණ කාලානෝචිත ලෙස එලිදැක්වීම සඳහා ඵලදායි ලෙස අවස්ථාවක් ලබා දෙමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයන් හ‍ට කොරෝනා ආසාධිත රෝගීන් අසලට නොගොස් ඔවුන් වෙත අවශ්‍ය ප්‍රථිකාර ලබාදිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේඩ් (Medimate) ස්වයංක්‍රීය උපකරණය නිශ්පාදනය කිරීමට කටයුතු කරන ලදි.

එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්