මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සුවවන වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වනවිට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 ක්. ඉන් හතලිස් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 යි. වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 228 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කළා.
නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන අය සම්බන්ධයෙන් 7 වන දිනයේ සහ 13 වන දිනයේ පරීක්ෂණ සිදුකෙරෙනවා. ඒ අනුව ඔවුන් දෙවරක්ම පරීක්ෂාවට ලක්වන බවයි අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
රෝගීන් වාර්තා වූ ස්ථාන සොයාබලා රෝගීන් සමග සබදතා පැවැත්වූවන් පිළිබද පරීක්ෂණ සිදුකෙරෙනවා. රෝගය පාලනය සදහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද අනිල් ජාසිංහ මහතා කරුණු දැක්වූවා.