නවසීලන්තය අගුළු දමා තිබියදී එරට සෞඛ්‍ය අමාත්‍යව ඩේවිඩ් ක්ලාක් එම නීති නොතකමින් සිය පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරළට ගොස් ඇති බවයි විදෙස් මාද්‍ය vවාර්තාකරනවා

රට වසා දමා තිබියදී මුහුදු වෙරළට යාම හේතුවෙන් නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරින් පහළ දැමීම සඳහා කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩි ආඩ්න් සඳහන් කර ඇත්තේ මෙය වෙනත් වේලාවක සිදු වූයේනම් අමාත්‍යවරයා එම ධුරයෙන්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

නමුත් පවතින තත්ත්වය හේතුවෙන් එසේ කල නොහැකි නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ පසුපෙළ දක්වා පහත දමන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ.

Advertisment