රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ ක්‍රම වේදයක් යොදා තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසක් මෙලෙස නව විකල්පයක් භාවිතා කර ඇති ආකාරය දැක ගත හැකි වනවා.

සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශවාසීන් විසින් මෙම විෂබීජි හරණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා.

ඒ තම ගම්වාසීන් විසින් ගමට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂබීජි හරණයකට ලක් කිරීමයි.

එලෙසම ගමට අතුලුවන ස්ථානයේ විවිද පුවරුද දමා තිබෙනවා.

මේ සඳහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.

චායාරූප කිහිපයක්
චායාරූප කිහිපයක්
චායාරූප කිහිපයක්
චායාරූප කිහිපයක්
චායාරූප කිහිපයක්
චායාරූප කිහිපයක්