කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි.

මෙම කටයුත්තට ප්‍රධාන අරධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්විය. මීගමුව, කට්‍ටුව, හලාවත පාර, අංක 451/2 යන ස්ථානයේ පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් (Rex Industries) නිෂ්පාදනාගාරයේදී මෙම කටයුතු සිදු කෙරේ. කොරෝනා වසංගතයට රටක් ලෙස මුහුණදීමේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බරපතලම ගැටළුවක් වන ‘දැඩි සත්කාර ඇඳන් හිඟවීම’ට කඩිනම් පිළියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ඇ‍රැඹු බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.