නිරෝධනය සඳහා රඳවා සිටි පිරිසෙකුගෙන් අයෙකු දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ඊයේ උදයේ (19) නිවසෙන් පිටතට ගියේ යැයි පවසමින් හොරගොල්ලගම උදාගම පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා එය සමනය කිරීම සඳහා පොලිස් පිරිසක් යෙදීමට සිදු වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.
විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු නවදෙනකු මෙයට දින දහයකට පමණ පෙර රැකියා සඳහා ගුවන් මඟින් ජෝර්දාන් රටට පිටත් කර යවා ඇත. ජෝර්දාන් රටේ ගුවන්තොටුපල බලධාරීන් මෙම පිරිසට එම රටට ඇතුළුවීමට අවසර ලබා නොදී ආපසු ශ්‍රී ලංකාවට එවා ඇත
ආපසු පැමිණි මෙම පිරිස් ස්වයං නිරෝධායනය ලක් කරන ලෙස කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ දී අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට ලබා දුන් උපදෙස් මත එම විදේශ රැකියා ආයතනය නිට්ටඹුව හොරගොල්ල ගමේ නිවසක් කුලියට ගෙන එම පිරිස රඳවා සිටියදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ
පොලිසිය එම පිරිස රඳවා සිටින නිවස අසලට ගොස් ජනතාව සන්සුන් කර සිද්ධිය සමනය කළ දින 13 නිවසින් පිටතට නො වන ලෙස පොලීසිය පිරිසට දැඩි ලෙස උපදෙස් දී කොරෝනා වෛරසය වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා දාමයන් විස්තර පත්‍රිකාවක් ද එම නිවසේ අලවා පිරිස වැඩිදුරටත් දැනුවත් කළේය