නොමිලේ Face mask සහ Sanitizer ලබා දෙන වෙබ් අඩවියක් පිළිබඳව වාර්තා වෙනවා.

තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගමක් වන Creative Hub සමාගම විසින් මෙම වෙබ් අඩවිය අරඹා තිබේ.

මෙම වෙබ් අඩවිය වන්නේ www.united2care.com වෙබ් අඩවියයි.

එම වෙබ් අඩවියට ලියාපදිංචි වී ඔබටත් ඔවුන් නොමිලයේම ලබා දෙන මුඛ ආවරණ සහ දෑත් පිරිසිඳු කාරක පාර්සලය ලබා ගත හැකියි.

මෙම සත්ක්‍රියාවට දායක වන Creative Hub සමග නෙත් ගොසිප් වෙත ඔහු ප්‍රකාශ කළේ මෙම පාර්සලය නොමිලයේම බෙදා දෙන බවත්, සිය ආයතනයට අවශ්‍ය සහය ලබා දෙනවා නම් තවත් බොහෝ දෙනෙකුට නොමිලයේ මෙම කට්ටලය ලබා දිය හැකි බවත්ය.

මෙවැනි අවස්තාවක අතිශය දුලබ සහ ප්‍රයෝජනවත් මෙම සෞඛ්‍ය ආරක්ෂිත උපාංග කට්ටලය නොමිලයේම සැපයීමට විශාල සමාජ මෙහෙවරකි.

එවැනි විශාල සමාජ මෙහෙවරක් කිරීමට උත්සාහ කරනා ව්‍යවසායකයෙකුට මේ අවස්තාවේ උපකාර කළ හැකි නම් එය ඉතා වටිනා බව නෙත් ගොසිප් හැගීමයි.

ඔවුන්ට සහය වීමට ඔබත් කැමති නම් පහත දුරකථන අංකයෙන් ඔහු සම්බන්ධ කරගන්න.

හමුවන්න ඔවුන් : නො 310, ටොරිංටන් ඇවෙනියු, කොළඹ 05