ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත ප්‍රමාණ පහත වැටෙමින් පවතින බව ජාතික රුධිර පාරවිලයන මද්‍යස්ථානය පවසනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා මෙම තත්වය ඇතිවී තිබෙනවා.

රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයක්. මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි.

අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය අමතන්න.

එම දුරකථන අංකය වන්නේ 0115332153 .

එමෙන්ම ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න.

ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්

ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත උණ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතී නම්

ඔබේ නිවසේ/ පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටී නම්

පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ඇය සමඟ ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්