22 වන කොරෝනා වෛරස ආසාදිත රෝගියා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. කරාපිටිය රෝහලේ දැනට ප්‍රතිකාර ලබන මොහු 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
මේ අතර, පවතින තත්ත්වය පිළිබඳ සලකා බලා කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම සීමා කිරීමේ අරමුණින් හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව හෙට සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළ ඉල්ලූම් පත් සාමාන්‍ය සේවාව යටතේ සුපුරුදු පරිදි යොමු කිරීමට හැකියාව පවතින බවයි.
අත්‍යාවශ්‍ය කරුණක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ බව ග්‍රාම නිලධාරීවරයා මගින් තහවුරු කර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රට තුළට පුද්ගලයින් ඇතුළු වන ගුවන් තොටුපළ හා වරායන් හි කටයුතු පියවරෙන් පියවර සීමා කිරීම හා ප්‍රධාන පිවිසුම් මාර්ගය වන කටුනායක ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට අවශ්‍ය පියවර ගැනීම ඒ අතර වනවා.
අදාළ යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දීමට ද පියවර ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.