ජපුර සිසුවා මියගිය බව පැතිර යන පුවත අසත්‍ය බව අප කළ විමසීමකදී හදිසි අනතුරු අංශයේ පුශ්පා රමයාණි සොයිසා මහත්මිය පවසනවා. ඔහුට තවමත් සිහිය ලැබී නැති බවටයි වැඩි දුරටත් ඇය පැවසුවේ.

මේ අතර එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ, සිසුවාට පහරදීමක් කර ඇති බවට අනාවරණ වුවහොත් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

උපකුලපතිවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විනයාධිකාරීවරයා මුලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සිසුවාගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් එම සිසුවා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

එම සිසුවා ශල්‍යකර්මයකට ද ලක් කර තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිය යුත්තන්ට දඬුවම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.

Advertisment