වෙද පප්පා මණ්ඩුක බවනේ මහතුං වැනි චරිත රැසකට කට හඩ කැවූ උලපනේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
ළමා චිත්‍රපටි රැසක් වර්ණවත් කළ ඒ මහතා කළක් රෝගාතුරව සිටි ඒ මහතා
එම මහතාගේ පිලිබද මුහුණු පොතේ තිබූ සංවේදී සටහනක් මේ.
ආදරණීය සූරපප්පේ,
වෙද පප්පව මතක් වෙන්නෙවත් නෑ නේද? දැන් මං වයසයි. එක්තැන් වෙලා. අර සුදු රැවුලත් කපලා අඳුරන්නත් බෑ ගොඩක් අයට. දැන් ඉතින් රෝමන් කාරයො ගෝල් දේසෙන් ගිහිල්ලත් හුඟක් කාලයක් වෙන හින්දා අරිෂ්ඨෙ උවමනාවකුත් නෑනේ. ඇත්තටම සූර පප්පේ අරිෂ්ඨ හදන්නා තියා ඇඳෙන් බහින්නවත් බෑ මට.
ගෝල් හමුදාවෙ ලොකු තනතුරකුත් පප්පට ලැබුණා කියලා ආරංචියි. චූටි කුකූ නැති උනාට පස්සෙ ජිම් පප්පත් ගමෙන් ගියා. සූරපප්පා ගෝල් හමුදාවට ගියාම ජිම් පප්පා ගොඩක් පාලුවෙන් හිටියේ. දැන් කොහෙදෝ කලුගල් කොරියක වැඩ කරනවා කියල ආරංචියි.
ලොකු පප්පත් පලිහෙන් වැටිලා ගොඩක් කල් එක්තැන් වෙලා ඉඳලා නැති උනා. දැන් අලුත් ලොකු පප්පා වෙන්න යන්නෙ පරණ ලොකු පප්පගෙ පුතා. කෑකෝ පප්පනම් සංගීත කණ්ඩායමක් පටන් අරගෙන.
දැන් ඉන්න පොඩි ඈයො වෙදපප්පව දන්නෙත් නෑ. ගොඩක් අයට වෙදපප්පව අමතක වෙලා. මගෙ සූරපප්පටනම් එහෙම නෑ කියලා මං දන්නවා
අනේ සූරපප්පේ මගෙ ජීවිතෙත් කොයි වෙලේද කියන්න බෑ. මං හදපු ඒ පුංචි වීරයව අන්තිම පාරට බලන්න එක දවසක් ඇවිල්ලා යන්න පප්පේ.
මං ආදරණීය
වෙදපප්පා.
(මං දවස් කිහිපයකට කලින් ලියපු එකක්)
උපුටාගැනීමක්
