වන්දනා චාරිකා සදහා ඉන්දියාවට පිටත්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප‍්‍රකාශ කළේ ඉන්දියාවේද පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
වන්දනා චාරිකා සදහා සෞදි අරාබියට පිටත්වීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මෙය තාවකාලික තීරණයක් බවත් ඉදිරියේදී පවතින තත්ත්වය සළකා මෙම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවයි බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ