අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සත්ත්ව සුබසාධනය වෙනුවෙන් නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා.
සත්ත්ව හිංසනය වැළැක්වීම සහ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක සංගම් කිහිපයක නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ. සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.
එමෙන්ම සත්ත්ව හිංසනය වැළැක්වීම හා සත්ත්ව සුබසාධනය සදහා දැනට පවත්නවා නීතිමය තත්ත්වයන් පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම නීති සංශෝධනයට උපදේශන මණ්ඩලයක් පත්කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
මේ පිළිබදව පවත්නා නීති ක්‍රියාත්මක නොවන බවයි සත්ත්ව සුබසාධනය වෙනුවෙන් ක්‍රියාකරන පිරිස් පෙන්වා දුන්නේ.