මඩකලපුව පුන්නානිහි ඉදිකළ නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා. මෙය ඉදිකරන ලද්දේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසිනි.

පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙය දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායන පහසුකම් මෙහි සපයනු ලැබේ. එකවර පුද්ගලයන් 500 ක පමණ නේවාසිකව රැදවිය හැකි බවයි යුද හමුදාව පවසන්නේ
මෙම විශ්වවිද්‍යාලය පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදාව යටතට පත්කර ඇති අතර එහි 06 වැනි ගජබා රෙජිමෙන්තුවේ කදවුරක්ද පිහිටුවා තිබුණි.