හැරී පොටර් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය වන Harry Potter and the Cursed Child මේ වනවිට තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මාර්තු මස අගදී තිරගත වන මෙම චිත්‍රපටියේ මේ වනවිටත් ටිකට් පත් මිලියන 10ක් පමණ අලෙවි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

J.k. Rowling විසින් රචිත Harry Potter and the Cursed Child කෘතිය එලි දැක්වුණේ මීට වසර 4කට පමණ ඉහතදීයි. ඒ 2016 ජුලි මසදීය.

හැරී පොටර් චිත්‍රපට මාලාව පිලිවෙලින් මෙසේයි

  1. හැරී පොටර් සහ මායා ගල
  2. හැරී පොටර් සහ රහස් කුටිය
  3. හැරී පොටර් සහ ඇස්කබාන් හි සිරකරු
  4. හැරී පොටර් සහ අග්නි කුසලානය
  5. හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය
  6. හැරී පොටර් සහ හාෆ් බ්ලඩ් ප්‍රින්ස්
  7. හැරී පොටර් සහ මාරක උපාකරණ
    Author J. K. රොලින්

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් හතකින් (07) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත.

කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher’s Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය.

මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.

එහි චායාරූප කිහිපයක් පහතින්

එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
එහි චායාරූප කිහිපයක්
Advertisment