කාගේත් නෙත් සිත් පැහැර ගනියි සිතෙන මේ හැඩකාර වැඩකාරයා එහෙමත් නැත්නම් වේගා මෝටර් රථය මීට සුලු මොහොතකට පෙර ජිනීවා වලදී එළි දක්වනු ලැබුවා.

මෙය සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික් මෝටර් රථයක් වන අතර මේ සඳහා ඉතා දියුණු සහ සුපිරිතම තාක්ෂණයත් භාවිත කර තිබෙනවා. එමෙන්ම කල් පැවැත්මෙන් සහ මිළ අධිකම අමුද්‍රව්‍ය වන කාබන් ෆයිබර් වගේ අමුද්‍රව්‍ය මේ සඳහා යොදාගෙන තිබෙන බව ද දැන ගන්න ලැබෙනවා.

මිලෙන් අධික කාබන් ෆයිබර් යොදා ගනිමින් වේගා නිපදවෙන බැවින් අවශ්‍ය විටක වර්ණය සහ හැඩයද වෙනස් කරනන් හැකි බව ඔවුන් පවසනවා. කවුරුත් දන්න සහ හැමදාම කතා කරපු ලැම්බොගිනි ෆරාරි වගේ අතිශය මිල අධික සුපිරි පැලැන්තියේ වාහන ගොන්නට මේ රථයද ඉදිරියේදී ඇතුලත් වෙන නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට බොහොම ආඩම්බරයෙන් මේ රථය පිළිබඳ කතා කරන්න පුලුවන් වෙනවා. මේ රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 240ක් දක්වා වන අතර වේගය බින්දුවේ සිට පැයට කිලෝමීටර් 100ට දක්වා වැඩිකරන්න ගත වෙන්නේ තත්පර 4කටත් අඩු කාලයක්.

මේක තියෙන්නේ ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවන් සඳහා වෙනුවෙන් Trace Expert City හෙවත් කොළඹ මරදානේ නොලේජ් පාක් භූමියේ. මෙම වේගා මෝටර් රථය නිපදවනු ලබන්නේ, අන්තර්ජාතිකව ප්‍රචලිත ශ්‍රී ලාංකික මෘදුකාංග සමාගමක් වන කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම විසින්.

මේ නිෂ්පාදනය පිටිපස ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවන් පිරිසක් සිටිනවා ඔවුන්ව මෙහෙය වන්නේ ආචාර්ය බිෂාන් කුලාපල. ඒවගේම කෝඩ්ජෙන් සමාගමේ ප්‍රධානී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාද මේ සඳහා දැවැන්ත ශක්තියක් ලබාදෙනවා.

එම වීඩියෝ
Advertisment