අද සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද (03) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
ඔහු පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවයි.
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී සදහන් කළේය.