රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය සිය රාජකාරී කටයුතු සදහා ලබාදී තිබූ සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කරගෙන තිබෙනවා. ඔහු නැවත පසුව ඔහු වෙනත් සැහැල්මෝලු මෝටර් රථයක් ලබාගෙන තිබෙනවා.

ඒ, මීට පෙර තමන් වෙත ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය සදහා මසකට ඉන්ධන ලීටර් 170 කට වැඩි ප‍්‍රමාණයක් වැයවීම සහ තමන්ට ඒ සදහා අමතර වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන්.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමෙන් පසු ඔහුට පළමුව ලබාදුන් මෝටර් රථයට වඩා අඩු ඉන්ධන දහනයක් සහිත මෝටර් රථයක් ලබාදී තිබෙනවා.

Advertisment