හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා එම ඇමති ධුරය දරද්දී ඔහු විසින් භාවිත කරන ලද නිල නිවස තවදුරටත් තමන්ගේ භාවිතය සඳහා ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඔහු ලිඛිතව එම ඉල්ලීම කර ඇතැයිද වාර්තා වෙයි.

නමුත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දන්වා ඇත්තේ කිසිසේත්ම එම ඉල්ලීමට අනුමැතිය දිය නොහැකි බවත් වහාම නිල නිවස භාරදීමට කටයුතු කරන ලෙසත්ය.

එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා විසින් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයෙන් පසු මාස තුනකට වැඩි කාලයක් නිල නිවාවලින් ඉවත් වීම සඳහා සියලු හිටපු ඇමතිවරුන්ට රජයෙන් කාලය ලබා දුන්නද රාජිත සේනාරත්න ඇමතිවරයා තවදුරටත් එම නිල නිවාසය භාවිත කරමින් සිටී.

Advertisment