බාලිකා නේවාසිකාගාරයක වැසිකිළියක බාල්දියක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිඳකු සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයේ

නේවාසිකාගාරයේ පාළකවරියට බිළිදෙකු අඬන හඬක් ඇසී ඒ පිළිබඳ සොයා බැලීමේදීයි මෙම බිළිඳා වැසිකිළියේ සිටියදී සොයා ගෙන ඇත්තේ.

පසුව බිළිඳාගේ මව කවුරුන්ද යන්න පිළිබඳ විමසා සිටියත් ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ.

පසුව සැක සහිත සිසුවියක් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති ඇතර බිළිඳාගේ මව ඇය බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඇය 18 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක්.

බිළිඳා සහ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.