ගෙදර උයන්න හාල් තිබුණේ නෑ……..ළඟ කඩේකින් පාන්පිටි පන්සියයක් ගෙනහල්ලා .

රොටී පුච්චලා ..කාලා… මල්ලිලා දෙන්නයි මමයි අම්මයි තාත්තයි ….නැන්දා කෙනෙක්ගේ ගෙදර ගියා …එහේ ගිහිල්ලා එනකොට …ගේ සේරම පිච්චිලා …..

මම පාසල් යන්න අවශ්‍ය සියලුම පොත් ටික ලෑස්ති කර ලා ගියේ… ඒ සේරම නෝට්.පොත් බෑග් ..සපත්තු සුදු ගවුම් සේරම පිච්චිලා …මාමේ ..කිසිම දෙයක් නෑ..මාමේ ….මම ඇඳන් ඉන්න මේ ඇඳුම විතරයි මට ඉතුරු උනේ…. මල්ලිලා දෙන්නටත් එහෙමමයි..

අපේ මුළු සේසතම විනාශ වෙලා… ගෙදර ලයිට් තිබුණෙ නැහැ. කුප්පි ලාම්පුවෙන් තමයි පාඩම් කළේ ……තාත්තාට හරි හමන් රස්සාවක් නෑ… කුලී වැඩ කරනවා ..මල්ලිලා දෙන්නයි මට යි උගන්නන්න අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳිනවා …

මේ පුංචි ගේ හදා ගත්තෙ බොහොම අමාරුවෙන් …ඒ හදාගත්තු ගේ පොල් අතු වහල තිබුණේ. අලුත් ඇඳුම් කිහිපයක් තිබුණා ..ඒව සේරම පිච්චුනා. පාසල් යන්න කිසිම දෙයක් නෑ මාමේ …මම 10 වසර ඉගෙන ගන්නෙ මල්ලි කෙනෙක් 7වසර..

අනිත් මල්ලි 4 වසර …..තාම දවල්ට.. උදේට කෑවේ නැහැ ……ගමේ අය අපට කන්න දෙනවා …මෙහෙම කියාගෙන කියාගෙන ගියේ.. සෙවනගල උස්බිම් මහා විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන .නිමේෂා රන්දිකා ….ඉගෙනීමට හපන් මේ දරුවා …පුදුම අසරණකමින් මේ කතාව කිව්වේ

..එයාට අවුරුදු 15යි මල්ලිලා දෙන්නෙක් ඉන්නවා එක් කෙනෙකුට 12 අනිත් එක්කෙනාට නවයයි …මේ දරුවෝ තුන් දෙනාටම ඉස්කෝලේ යන්න විදිහක් නෑ …හෙට සදුදා .පාසල් ඇඳුම් පොත් බෑග් කිසි ම දෙයක් නැහැ .. ඒ සේරම ගේත් එක්ක පිච්චිලා

…මේ අහිංසක දරුවෝ තුන් දෙනාට පාසල් යන්න අවශ්‍ය දේවල් අරන් දෙන්න …කවුරු හෝ ඉදිරිපත් වෙනවා නම් ..ඔබ කරගන්නා වූ මහා පින්කමක් …..වෙනවා …මිනිස්සුන්ට කරදර වෙනවා කියලා ..කියලා වෙන්නේ නැහැ ..එදා දවල්ට රොටි හදලා කාලා …නැන්දලාගේ ගෙදර ගියේ ..පන්සල් යන්නත් එක්ක ..

එහෙත් නොසිතූ මොහොතක මේ දරුවන් ගේ නිවස සම්පූර්ණයෙන් ම ගිනිබත් වුණා …ආදරණීය මිනිස්සුනේ …….ඔබටත් මෙවැනි දරුවන් ඇති ….හෙට උදෑසන පාසල් යන්න ඔබේ දරුවාට අවශ්‍ය සියලුම දේ ඔබ විසින් මේ වන විටත් ලේස්ති කරලා ඇති

……එහෙත් මේ අහිංසක අම්මටයි තාත්තටයි මේ වන විට මේ දරුවන් වෙනුවෙන් අඩුම ගානේ ඇඳන් යන්න කලිසමක්.. ෂර්ට් එකක් ..සුදු ගවුමක්.. වත් නෑ…දාගෙන යන්න සපත්තු දෙකක් පොත් ටික බෑග් එක ………

ඒ සේරම ගිනි රකුසා රැගෙන ගිහින් ….පින් කැමති මිනිසුනේ …. පුළුවන් තරම් ඉක්මනින් මේ දරුවන් තිදෙනා පාසල් යවන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්න..

අපි අපේ අයට උදව් කරමු …….0722506888…0762806888…0762747888…usp.. bandara ( derana tv..reporter )
(උපුටා ගැනීමකි)