ලොව වඩාත්ම වායු දූෂණයට ලක්වූ රටවල් අතර, 25 වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකාව තවමත් දකුණු ආසියානු කලාපයේ පිරිසුදුම ‘වාතය’ පවතින රට බව ‘2019 ලෝක වායු ගුණාත්මක වාර්තාව’ ප්‍රකාශ කරනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම වායු දූෂණයට ලක්ව ඇත්තේ කොළඹ, බොරැල්ල, කිංසි පාර අවට නිරන්තර මාර්ග තදබදය ඇති ප්‍රදේශයයි.

කොළඹින් තදාසන්න ප්‍රදේශ කරා යොමුවන විට අනුක්‍රමයෙන් වාතයේ ගුණාත්මක භාවය ඉහළ යන බව එම වාර්තා සඳහන් කළා. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට කඳුකරයේ මහනුවර ආසන්න ප්‍රදේශ වඩාත්ම පිරිසුදු වාතය සහිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

එම වාර්තාවේ ‘මධ්‍යස්ථ’ රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇති අතර කලාපයේ සෙසු රටවල් ඇතුළත් කර ඇත්තේ වාර්තාවේ ‘අහිතකර’ කොටසටයි.