මඩගහන්නම ඇඳපු Photo සෙට් එකක් නෙමේ මේ.පොඩි විනෝදෙකටත් එක්ක ඇඳපු Photo සෙට් එකක් තමයි මේ. පහල තියෙන ඡායාරූප 12 හොඳට බලන්න.ඇත්තටම පිරිමි , ගැහැනුන්ට වඩා වෙනස් කියල තේරෙයි.

බැඳපු සෙට් එක දන්නවා මේක ඇත්තද කියලා.බැඳපු නැති අයත් දන්නවා.මොකද ගොඩක් උන්ට අක්කලා,නංගිලා ඉන්නවනේ.අපිට ඉතින් විනාඩි 10යි යන්නේ ඔක්කොම කරගන්න.ඒකට කෙල්ලො.කතා කරලා වැඩක් නෑ

මේක ඉතින් දන්නෝ දනිති. සතියකින් කොල්ලෙක් එනකොට Facebook එක පැත්තෙ ඔන්න ඔහොම තමයි ඉතින් Notification ටික තියෙන්නෙ.කෙල්ලෙක් නම් සතියක් ඉන්න ඕනෙ නෑ.දවස් දෙකක් ඇති.සමහර අයට නම් පැය දෙකක් ඇති.

මේක දැනගන්න නම් බඳින්නම ඕනෙ.රෑට නිදාගන්නකොට නම් ගානට සෙට් වෙලා නිදාගන්නෙ.උදේ බලනකොට….. වැඩිය ඕනෙ නෑ.පාන්දර 2කට 3ට නැගිටිනකොටත් කොල්ලා බිමට වැටෙන්න ඔන්න මෙන්න.කෙල්ල නිදි මුලු ඇඳම බදු අරන් වගේ.අවුලක් නෑ මෙහෙම මායිම ලකුණු කරලගෙනම තිබ්බම වැඩේ ලේසියි.අපේ මායිම පහු උනොත් ඉතින් යුධ ප්‍රකාශ කරනවා එකෙන්ම.

මේ තියෙන්නේ ඒ වගේ තව කිහිපයක්

උපුටාගැනීම pansala.online