සමහර මැජික් තියනවා දැක්කාම අපිට විශ්වාස කරන්නත් අමාරු අද්භූත දේවල් වලින් පිරිල තියන. උදාහරණයක් විදියට ප්‍රසිද්ධ මායකාර පෙන් සහ ටෙලර් ඔවුන්ගේ සංදර්ශනයෙදි ලෝක අවසානය පිලිබද සියලුම න්‍යායන් බිද දැමූ අතර දිවැස් ඇත්තන්ගේ සර්වබලධාරිත්වයත් බිද දැම්මා. කොහොම වුනත් මිනිසුන්ව ආකර්ශනය කරගන්න මේ මැජික්වල සැගවිලා තියන ප්‍රසිද්ධ රහස් ගැන හෙලි කරන්නයි අපි යන්නෙ.බලන්න සමහර ඒවා ඔයාට ගෙදරදි වුනත් කරන්න පුලුවන්..
1.සහායකයා විශාල පෙට්ටියක් තුල සිටින විට ඇයගේ හිස අත් පා අසාමාන්ය විදියට ඈත් වෙලා පේනවා. විජ්ජාකරු සහායකයාගේ අත් පා එහෙමෙහෙ කිරීම බැලු බැල්මට පෙනෙන්න ඉතා අපහසු කටයුත්තක වගෙයි.
ඇත්ත වශයෙන්ම, විජ්ජාකරු පෙට්ටියෙහි ඉදිරිපස හා පිටිපස දොරවල් අරින විට පෙනෙන්නේ එය හිස් එකක් බව වුවද තවත් සහායකයින් දෙදෙනෙක් පෙට්ටියෙහි රාමුව තුල සැගවී සිටිනවා. ඔවුන් පිටිපස දොරින් ඇතුල්වන අතර, ඒවායේ අදාල කට්ට වලට අත් හා පාද ඇතුලු කරනවා. සහායකයන්ගේ අත් හා පාද පෙනෙන අතර අනෙක් ගැහැනු ලමයා පුටුවක් උඩට නැග හිස එලියට දමාගෙන ඉන්නවා.

2. මෙම මැජික් පෙට්ටිය තුල පරවියන් එකෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටිනවා. එහෙත් ඔහු මෙම පෙට්ටිය විවෘත කලවිට, පෙනෙන්නට පරවියන් කිසිවෙකුත් නෑ.
කරදර වෙන්න එපා එයාලා පරිස්සමින්. පෙට්ටියෙහි උඩ පියන මත රහසිගත කුටියක් තියෙනවා. එය කුඩා හා නොපෙනෙන නමුත් කුරුල්ලන්ට ටික වෙලාවක් මෙහි රැදී සිටින්න පුලුවන්.

3. මැජික්කරු පෙට්ටගම මත වාඩි වී සිටින විට, සහායකයා එය අවහිර කරනවා. පසුව විජ්ජාකරු පෙට්ටගම තුලට ගියවිට සහායකයා එය අගුලු දමනවා. පසුව සහායකයා පෙට්ටගම මත සිටගෙන සලුවක් ඉහලට පහලට යවන විට විජ්ජාකරු හෙලිදරවු වන අතර, ඔහු පෙට්ටගමෙහි අගුලු ඉවත් කරන විට සහායකයා එය තුලින් එලියට එනවා. (සාමාන්යයෙන් වඩා හොද ප්‍රතිඵලයක් සදහා වෙනස් ඇදුම් යොදා ගන්නවා)
රහස තමයි : විජ්ජාකාරයගෙ පෙට්ටියෙහි පිටවන මාර්ගයක් තියෙනවා. බොහෝ විට එය ඇතුලත සිට පහසුවෙන්ම විවෘතකල හැකි සිපරයකි. සහායකයා පෙට්ටගමෙහි ගැට්ටෙ සිටින විට, ඉහල කවුලුව පහසුවෙන්ම විවෘත වෙනවා. පසුව සහායකයා සලුව වනනවිට, මැජික්කරු බෑගයෙන් පිටතට පැමිනෙන අතර ඔහු සලුව අතට ගන්නවා. එවිටම සහායකයා පෙට්ටිය තුලට පනිනවා. පසුව ඇය ඇගේ ඇදුම් මාරු කරනවා. මෙහිදි මෙම දෙදෙනා ඉතා ඉක්මනින් හා එකට බැදි මෙම කටයුත්ත කරන විට මෙය තවත් දර්ශනීය කටයුත්තක් බවට පත් වෙනවා.

4. මුලින්ම බැලූ බැල්මට, මෙම උපක්‍රමය ඉතා භයානක පෙනුමක් තියෙනවා. එහෙත් ඉලක්කයට ලක් වුන පුද්ගලයා සැම විටම ආරක්ෂිතයි.
රහස වන්නේ මැජික්කරු පිහි විසි නොකරිමයි. ඒ වෙනුවට ඔහු රහසිගත මලු තුල අකුණු සැර වගේ පිහි සගවා තියනවා. එවිට සහායකයා ආධාරකය පිටිපස සිට විශේෂිත යන්ත්‍රයකින් ඉලක්කය ගන්න තැනට පිහි නිකුත් කරනවා. මෙම ක්‍රියාවේ තියන අධි වේගය හා සම්බන්ධිකරය මගින් අපිට පෙනෙන්නේ ඉලක්කයට පිහි විසි කරනවා වගෙයි.

5. මෙම ක්‍රමය සෑම විටකම විවෘත ප්‍රදේශයක සිදු කරනවා. මැජික්කරුවකු පෙට්ටියක තැන්පත් කරන අතර සහායකයින් විසින් ඔහුව භුමියේ තැන්පත් කරනවා. තත්පර කිහිපයකට පසු ඔහු මෙම භයානක උගුලෙන් ගැලවෙනවා. අවදානම නිසා මෙම උපක්‍රමය කිරීමට බොහෝ මැජික්කරුවන් තීරණය කරන්නේ නැති අතර, නමුත් සෑම දෙයක්ම නිවැරදිව සිදු කර ඇත්නම්, කිසිවෙකුට තුවාල වන්නෙ නැහැ.
මෙම පෙට්ටියේ රහසිගත දොරක් තිබෙන අතර එයින් ඔක්සිජන් හා ආලෝකය සපයනු ලබනවා. විශේෂ රාක්ක වල ආදාරයෙන් මැජික්කරුවා, නොගැඹුරු කුහරයක් තුලින් හුස්ම හෙලන අතර ඔහුගේ සහායකයන් අන්තිම පස් පිඩත් දැමු පසු ඔහු ඉවතට පැමිනෙනවා.

6. පුදුම සහගත චිත්තාකර්ශනීය මැජික් සදහා මායාකාරයන් කිසිම විටක වෙදනාවක් දරන්නේ නැහැ. හැම දෙයක්ම ගොඩක් පහසුයි.
මැජික්කරුවාගේ සම හරහා ඉදිකටුවක් යන්නේ නෑ. ඔහු රබර් මැලියම් වලින් සාදන ලද ස්තරයක් තමයි විදින්නේ. ව්‍යාජ රුධිරය කුහරයක් තුලට දමා ඇති අතර කුඩා කුහර වලින් ඒවා පිටතට ගලා

7. මෙම දර්ශන ප්‍රයෝගය කලාකරුවකුගේ ක්‍රියාව මත සම්පූර්නයෙන් රදා පවතිනවා. අවදානය යොමු කලයුතු වන්නේ කඩුව අභයන්තර අවයවයන්ට හානියක් නොවන පරිදි විශේෂ දිශාවකට ගමන් කරවීමටයි. උගුරේ කෙලවර කොටස හා ගලනාලය සරල රේඛාවකට සකස් කලයුතුය. මෙම උපක්‍රමය කිරීමට නම් මැජික්කරුවන් බොහෝ පුහුනු විය යුතුය.
ඔයා සාමාන්‍යයෙන් මැජික් විශ්වාස කරනවද? ඔවුන්ගේ රහස් ඔයාලා දැකලා තියෙනවද? අදහස් හා ඔයාගෙ අත්දැකිම් අපිත් එක්ක බෙදා ගන්න.

උපුටා ගැනීම Pansala වෙබ් අඩවියෙන්