පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරයා මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 69දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වනවා. ඒ පළමුව් අරට මන්ත්‍රී දූරයක් ලබාගෙන වසර 5 ක් ගත නොවීම හේතුවෙන්.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හතලිස් එකකට විශ්‍රාම වැටුප අහිමි වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දාහතකට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අටකට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට මෙසේ විශ්‍රාම වැටුප අහිමි වනවා.