වසර ගණනක් තිස්සේ කුනු බැහැර කළ සිදූව ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම් ආශ්‍රීත කඩොලාන පරිසරයක් ගිණි ගෙන තිබෙනවා.

මෙලෙස ගිණි ගෙන ඇත්තේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවලින් රැගෙන එන කුණු බැහැර කරන ප්‍රදේශයක්.

ඊයේ දින මෙම ගිණි ගැනීම හටගෙන තිබෙන අතර ගින්න මැඩ පැවැත්වීමට ගිණි නිවන හමුදාව සහ ගුවන් හමුදාවේ සහය යොදාගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා විශාල දුමාරයක් පැතිරී තිaබෙන අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසා තැබුණා.

කඩොලාන රක්ශිතයට බලපැමක් නොවී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අප කළ විමසීමකදී ගිණි නිවීමේ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

Photos Copyrights Goesd to Nikon Studio