එකම හොරෙක්වත් නැවත පාර්ලිමේන්තුවට පත්කර නොඑවන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඔහු මේ ඉල්ලීම කර සිටියේ (19) පැවති පාර්ලිමේන්තු සැසිය ආමතමින්.

එහිදී මන්ත්‍රීවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැන්නක්,

”එකම ඉල්ලීමයි කරන්නේ, අප්‍රේල් 25 වෙනිදට මේ රටේ ජනතාවගෙන් දෙපා නැමද ඉල්ලන්නේ එක හොරෙක්ව නැවත මේ 225 ඉන්දවන්න එපා කියන ආදරණීය ආයාචනයයි.” යන්නයි.