ඊයේ (17) බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතරතුර අධ්‍යාපන විෂය සම්බන්ද කරුණු පිලිබද සාකච්ඡා කිරීමේදී ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රජයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ ගාල්ල වදුරඹ විද්‍යාලය ආසන්නයේ නිවස පිහිටා ඇති දරුවෙකු එම පාසලට ඇතුලත් නොකර ගැනීම සම්බන්දයෙන්.

එහිදී වදුරඹ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිතුත්කල චක්‍ර ලේඛන වලට පරිබාහිරව කිසිදු ළමයෙකු පාසලට ඇතුලත් කරගත නොහැකි බවයි.

මෙහිදී මොහාන් ප්‍රියදර්ශන සිල්වා ප්‍රකාශ කලේ නිවස ඉතාමත් ආසන්නයේ පිහිටා ඇති නිසා චක්‍ර ලේඛන වලට පිටින් එම සිසුවා පාසලට ඇතුලත්කර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් උසාවි නොයන බවට තමා විශ්වාස කරන බවත්ය.

මෙහිදී නිශාන්ත මුතුහෙට්ටිගම පවසා සිටියේ ” මං නම් මහින්දෙට ළමයි 4-5 දාගත්තා, ඔය ළමයා ගත්තා කියලා ඔබතුමන්ගේ රැකියාව නැතිවන්නේ නෑ ” යනුවෙනි.

පසුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා විදුහල්පතිවරයාට තර්ජනය කරමින් ප්‍රකාශ කර සිටියේ ” ඔබතුමා හෙට ළමයා ගන්න ඕන, අපි දන්නවා හැමෝගෙම කෙරුවාවල් මොකද්ද කියන එක , මෙතන ඕවට ලෑස්තිවෙන්න එපා ” යනුවෙනි.

Advertisment