ඊයේ දිනයේදී ඇන්ටාක්ටිකාවෙන් සෙල්සියස් අංශක 20.7 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.
මෙය සැළකෙන්නේ මෑත ඉතිහාසය තුළ ඇන්ටාක්ටිකාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙසය.
එමෙන්ම පසුගිය සතියේ ද ඇන්ටාක්ටිකා ප්‍රදේශය තුළ සෙල්සියස් අංශක 18.3 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර මේ හරහා දියවී යන ග්ලැසියර සාගර ජලයට එක්වීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහළ යාම සීඝ්‍රයෙන් සිදු වෙමින් ඇත.
පසුගිය වසර පනහ තුළ ඇන්ටාක්ටිකාවේ බටහිර වෙරළතීරයේ ග්ලැසියර වලින් 87% පමණ දිය වී ගොස් තිබෙන්නේ සීඝ්‍රයෙන් ඉහළ ගිය ගෝලීය උණුසුම හේතුවෙනි.
මේ අතර බටහිර ඇන්ටාක්ටික් බොක්ක ප්‍රදේශයේ අයිස්වලින් වැසී ඇති අද්දර, Pin Island ග්ලැසියරය සහ neighbour Thwaites ග්ලැසියරය ක්‍රමයෙන් දියවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අයිස් ග්ලැසියර් දිය වුවහොත් මුහුදු මට්ටම අඩි 4 කින් ඉහළට යනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
කොපර්නිකස් වෙබ් අඩවිය පවසන පරිදි Pine දූපතේ ග්ලැසියර් දියවීම 2001, 2007, 2013, 2015, 2017 සහ 2018 දී සිදු විය. එම කාල සැසදීමේදී සිදුවීම් අතර කාල පරතරයන් කෙටි වන බව පෙනෙන අතර එය ග්ලැසියරයේ පැවැත්මට එතරම් හිතකර නොවන බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ
Pine දූපත ඇන්ටාක්ටිකාවේ වඩාත් අවදානමට ලක්ව ඇත. 2012 සිට ග්ලැසියර වසරකට අයිස් ටොන් බිලියන 58 ක් දියවෙමින් පවතින අතර එය පෘථිවියේ ගෝලීය මුහුදු මට්ටම ඉහළ යෑමට විශාලතම දායකත්වය සපයයි.
