ලස්සන වෙන්න හැමෝම කැමතියි. ඒත් එහෙම කියලා හැමදේම අත්හදා බලන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන එක බොහොම වටිනවා. ඉතින් ඒ කියන්න යන්නේ ලස්සන වෙන්න කියලා නොදැනුවත්ව කරන්න යන වැරදි කිහිපයක් ගැන.

  1. බ්ලීච් කරන්න එපා

දවස් දහයෙන්, සති දෙකෙන් සුදු වෙනවා කියලා ක්‍රීම් වර්ගවල අඩංගු වෙන්නේ මොනවද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඒවායේ තියෙන්නේ බ්ලීචිං කියලා හඳුන්වන සමට කිසිසේත්ම සුදුසු නැති රසායනික ද්‍රව්‍යයක්.

බ්ලීචිං නිසා සම සුදු වෙනවා තමයි. නමුත් ඒකෙන් වෙන්නේ ස්වාභාවික මෙලනීන් කියන වර්ණකය පුළුස්සා දැමීමයි.

බ්ලීචිං සහිත ක්‍රීම් වර්ග දිගු කාලීනව ආලේප කරලා චර්ම පිළිකා හැදුණු අය ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම බිලීචිං නිසා අවුරුදු කීපයක් යද්දී පිග්මන්ටේෂන්ස් පවා ඇති වෙන්න පුළුවන්.

2. සන්ස්ක්‍රීන්වලට ඇබ්බැහි වෙන්න එපා

මේ දවස්වල පුදුමාකාර විදිහට උණුසුම සහ සීතල මිශ්‍ර කාලගුණයක් පවතිනවා. ඒ නිසා පුළුවන් තරම් අව්වට යන්නේ නැතිව ඉන්න තමයි අපි උත්සාහ කරන්නේ.

ඒ වගේම වැඩට යන්න උදේට ගෙදරින් එළියට එද්දී ගොඩක් තරුණියන් සන්ස්ක්‍රීන් එකක් හරි, සන් බ්ලොක් ක්‍රීම් එකක් හරි පාවිච්චි කරනවා. ඒ වගේම තවත් අය සන්ස්ක්‍රීන් හෝ සන් බ්ලොක් දවසට තුන් හතර වතාවක් ආලේප කරනවා. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. සන්ස්ක්‍රීන් හෝ සන් බ්ලොක් ක්‍රීම් වර්ග දවසකට එක වතාවකට වඩා ආලේප කරන්න හොඳ නැහැ.

එය පසුකාලීනව පිග්මන්ටේෂන් කියලා හඳුන්වන සමේ විශාල ප්‍රමාණයේ පිළිස්සුම් වැනි පැල්ලම් ඇති වීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා සන්ස්ක්‍රීන් හෝ සන් බ්ලොක්වලට ඇබ්බැහි වෙන්න

3. රාත්‍රියට ක්‍රීම් ගාන්න එපා

මුහුණ සුදු වෙන හැම ක්‍රීම් වර්ගයක්ම වගේ හදලා තියෙන්නේ නයිට් ක්‍රීම්, ඒ කියන්නේ රෑට ආලේප කරන ක්‍රීම් එකක් විදියට.

නමුත් රාත්‍රියට මුහුණේ ක්‍රීම් වර්ග ආලේප කරන එක හොඳ පුරුද්දක් නෙවෙයි. මුළු දහවල් කාලය පුරාම ක්‍රීම් වර්ග ආලේප කරගෙන ඉන්න නිසා සම සහ පරිසරය අතර සබඳතාවක් ඇති වෙන්නේ නැහැ. රෑට ක්‍රීම් වර්ග ආලේප කළාම වෙන්නෙත් ඒකම තමයි.

සමට ස්වාභාවික පරිසරයේ තියෙන විටමින්, පිරිසිදු වාතය වගේ දේවල් එක්ක මුසු වෙන්න බැරි වෙනවා. ඒ වගේම රෑට ක්‍රීම් ආලේප කිරීමෙන් සමේ ප්‍රාණවත් බව නැති වෙලා වියළි සමක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

ඒ නිසා රෑට ක්‍රීම් වර්ග ආලේප කරන්න පුරුදු වෙන්න එපා.

Advertisment