පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් මීගමුව කඩොලාන පරිසර පද්ධතිය ඇතුලු කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතා සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තව ත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවයි.