සරසවි සිසුන් සදහා ලබාදෙන මහපොල ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 2000 කින් ඉහල දැමීමට අමාත්තීය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 5000ක්ව පැවති මහපොල අරමුදල රුපියල් 7000 ක් දක්වා වැඩි වන අතර රුපියල් 4000ක් ව පැවති ශිෂ්‍යආධාර මුදල රුපියල් 6000 දක්වා වැඩි වී තිබෙනවා.
සියලුම වැඩිවීම් 2020 – 02 – 10 සිට ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.