සනත් නිශාන්ත මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේේ ගම්පහ කාර්යාලයේ නිලධාරිනියක් ප්‍රතිචාර දක්වන වීඩියෝව සමාජ ජාල හරහා ප්‍රචාරය වීමත් සමග කඩොලාන සංරක්ෂණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
පරිසර සංවිධාන නියෝජිතයන් පිරිසක් අද මුතුරාජවෙල අභයභූමියේ බඩු කඩ රෝපණය සිදු කරනු ලැබූ අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාල භූමියේ පෞද්ගලික භූමියක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා
පූජ්‍ය ආනන්ද සාගර හිමි ප්‍රමුඛ පරිසර සංවිධානය නියෝජිත පිරිසක් මුතුරාජවෙල අභය භූමිය වෙත පැමිණ අද පෙරවරුවේ එහිදී ඔවුන් අභයභූමිය තුළ කඩොලාන රෝපණය ඇරඹීමත් සමග එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් දන්වා සිටියේ අදාල භූමිය පෞද්ගලික ඉඩමක් බවයි.
එහිදී මුතුරාජවෙල අභයභූමිය අනවසරයෙන් ගොඩකරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් සහ ඔහුගේ මැරයින්ගෙන් බාධා සහ තර්ජන එල්ල වූ බව මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පවසයි.
මුතුරාජවෙල අභයභූමියට අයත් රක්ෂිත තෙත්බිම් අක්කර දහස් ගණනක් මේ වන විටත් මෙම ව්‍යාපාරිකයා ප්‍රමුඛ පිරිස් විසින් ව්‍යාජ ඔප්පු සකසා හෝ වෙනත් අයුතු ක්‍රම වලින් අත්පත් කරගෙන තිබෙන අතර එම ඉඩම් මංකොල්ලය දිගින් දිගටම සිදුවෙමින් පවතී.



