දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළයුතු බවට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

පසු ගිය 12 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් අදාළ දැනුම්වත් කිරීම සිදුකර තිබෙනවා.
අමාත්‍යවරුන් තමන් නොදන්නා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතු බවටත්, රාජ්‍ය නිලධාරීන් හා කටයුතු කිරීමේදී ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් නිසි දැනුවත්වීමක් සිදුවිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේනවා.
Advertisment