පාර්ලිමේන්තුව පවත්වන දිනකදී රුපියල් ලක්ෂ 92 ක් ද, නොපවත්වන දිනකදී රුපියල් ලක්ෂ 87 ක් ද වියදම් කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

මෙලෙස දිනකට රුපියල් ලක්ෂ 92 ක් වියදම් කළත් එහි ප්‍රතිපල තවමත් ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පළ කළේ, හොරණ ශ්‍රීමේධංකර මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුන් සඳහා ලාංජන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එකිනෙකා කෙරෙහි ගෞරවයක්, සුහදත්වයක් නැති මහජනතාවගේ ගැටලු ගැන අවබෝධයක් නැති ස්ථානයක් බවට පත්ව ඇතැයි ඔහු සඳහන් කරන්නේ,

මේ අතර පසුගිය වසර 04 තුළ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් වාහන ගෙන්වා ගත් බවයි.

එය ජනතා මුදල් නාස්ති කිරීමක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

එමෙන්ම විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, වසර 3ක් යනතෙක් වාහන ගෙන්වීම අනවශ්‍ය බව යි.

රට ගොඩ නැගීමට නම් සියලු දෙනා එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.