උතුරු නැගෙන නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර

එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය භික්ෂුන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවැත්වුණා

මුහුදු මහා විහාරය යාපනය ඓතිහාසික සිද්ධස්ථානය, ඩෙල්ෆ් පෞරාණික චෛත්‍යය, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථානවල

අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡා කර ගනිමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස

අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් දුන් බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

Advertisment