කොරෝනා වෛරසය හේතුවෙන් දිනක් ඇතුළත මිය ගිය සහ ආසාදනය වූ වැඩිම සංඛ්‍යාවක් ගතවූ පැය 24 තුළ වාර්තා උනා.

මිය ගිය සංඛ්‍යාව හතළිස් දෙකක් වන අතර ආසාදනය වූ සංඛ්‍යාව ඉහළ ගියේ 14000ක් ලෙසයි.

මෙම මරණ සංඛ්‍යාව බලධාරීන් අපේක්ෂා නොකළ අන්දමට වැඩි වූ අතරමරණ 242 ක් වාර්තා වුනා.

මීට පෙර දිනකදී වාර්තාවූ වැඩිම සංඛ්‍යාව පසු පැය 24 තුළ වාර්තා උනා.

පසුගිය සතියේ 2000ත් 3000ත් අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඊයේ වනවිට 141640 ක් වුණා.

මේ වනවිට රෝගීන් සංඛ්‍යාව 60000 පමණ වන විට වාර්තා මරණ සංඛ්‍යාව 1357 ක් වුණා.

මේ අතර ජපානයේ යොකොහොමා නෞකාවේ නැංගුරම් ලා තිබෙන නෞකාවේ පුද්ගලයින් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ අනුව නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 219 ක්.

මෙම නෞකාව රටවල් කිහිපයකින් නැංගුරම් ලෑමට අවස්ථාව ඉල්ලා සිටියත් ජපානය ඇතුළු රටවල් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා.

මේ අතර විදෙස් පුවත් වාර්තා කර තිබුණේ බ්‍ ජනප්රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්ද ආසාදිතයෙක් වාර්තා වී ඇත්තේ සමස්ත සංචාරක ක්ෂේත්‍රය ම දැඩි කැලඹීමකට පත් කරමින්.

මේ අතර මෙම මස 15 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් තරගාවලිය සිව්වැනි අදියර 2007 දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2020 ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියක් අවලංගු කරන්නේ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වීමට නියමිත ලෝක ජංගම දුරකථන සම්මේලනය අත්හිටුවා තිබෙනවා.

මේ අතර රෝග ව්‍යාප්තිය පාලනයට චීන රජය ගෙන ඇති සැලසුම් විවේචනයට ලක් කරමින් කටයුතු කරන පුත් පුද්ගලයින්ට එරෙහිව එරට බල බලධාරීන් දැඩි මර්දන මර්දනකාරී පිළිවෙත්ක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වනවා.

එවැනි වූ වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් වී තිබුණා