කෙලින් තීරණ ගන්න නිලධාරින් වෙනුවෙන් අපි පෙනී සිටිනවා අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනහමුවකදිය.
එහිදී ඇමති තුමා
“වනජීවී නිලධාරීහු පරිසරය ආරක්ෂා කිරීමට කඩොලාන ආරක්ෂා කිරීමට දරන උත්සාහය සටන අපි දැක්කා.
ජාතියේ ගෞරවය එවැනි රාජ්‍ය නිලධාරිීන්ට හිමි විය යුතුයි
අපේ රටේ නීතියක් තිබුනා කුඹුරු ඉඩම් ගොඩ කරන්න බෑ කියලා.
සමහර වෙලාවට මේ කතාකරන වෙලාවෙත් කොහේ හරි කුඹුරක් ගොඩ කරනවා වෙන්න පුලුවන්.
අපි නිලධාරින්ගෙන් ඇහුවම කියනවා ඒවා ඉහලින් එන නියෝග කියලා. රජයේ නිලධාරින්ගේ පක්ශපාතීත්වය තිබිය යුත්තේ පුද්ගලයෙකුට නෙමෙයි. ව්‍යවස්තාවටයි.
ඒ නිසා කවරු වැරදි කරන්න කිව්වත් පෙලබෙව්වත් තමන් නිලධාරියෙක් හැටියට කෙලින් කටයුතු කල යුතු කාලයයි මේ.
එතුමියට මහජනතාවගෙන් පීඩා එල්ලවනවා. දේශපාලකයන්ගෙන් පීඩා එල්ලවෙනවා.
ඒපීඩන මැද්දේ තමයි එතුමිය කියන්නේ නෑ මේ භූමිය මම ආරක්ශා කරනවා කියලා.
එම නිසා මම නිලධාරින්ට කියන්නේ සැලෙන්නෙපා කෙලින් තීරණ ගන්න. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා