පසුගියදා රාජ්‍ය නිලධාරිනියක් හා සනත් නිශාන්ත ඇමතිවරයා අතර සිදුවූ සිදු වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දැඩි ලෙස දොස් පවරා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

තමන් ගෙන යන රාජ්‍ය සේවය ප්‍රමිතිගත රාජ්‍ය සේවයක් ඇති කිරීමේ වැඩ සටහනට සහයෝගය දීමට කළ යුත්තේ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඉඩදීම බවත් ,තමාට අදාළ කටයුතු පමණක් සිදුකරන සිටින ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවය දැඩි ලෙස පවසා ඇත්.

එමෙන්ම අදාළ රාජ්‍ය නිළධාරිණියට මින් පසුව බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙසත් එසේ කිරීමෙන් රාජ්‍ය අමාත්‍ය ධූරය පවා අහිමි වන තැනට වැඩ සිද්ද විය හැකි බව දැඩි ලෙස පවසා ඇත.

මීට අමතරව රාජ්‍ය නිලධාරිනිය සම්බන්ධයෙන් වගකීම තමන් ලබා ගන්නා බවට ඇමති එස් එම් චන්ද්‍රසේන සහ නාමල් රාජපක්ෂ මහතාද ඊයේ පවසා තිබුනා. ඇයට කිසිදු ලෙසකටවත් බලපෑමක් ඇති කිරීමට ඉඩ නොතබන බවට තව දුරටත් ඔවුන් පවසා සිටියා.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම ස්වාධීන ආයතන බවට පත්කිරීමට තමා ගන්නා උත්සහය අතරතුර මෙවැනි සිදුවීම් නොවිය යුතු බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී ඇතැයි දැනැගන්නට ලැබේ. මේ අතරම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා,

ඔහුගේ ෆේස්බුක් ක්‍රියාකාරීන් ලවා ඔහුට විරුද්ධව ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වන පොස්ට් ඉවත් කරගන්නා ලෙස අනෙකුත් ෆේස්බුක් පිටු ඇඩ්මින්වරු ඉදිරියේ බැගෑපත් වන බවද තොරතුරු වාර්තාවෙනවා.

මීට අමතරව අදාළ රාජ්‍ය නිළධාරිණයගේ ප්‍රතිරූපය බිඳ දැමීමට ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම සඳහා වෙබ් කරුවන් කිහිප දෙනෙකු මිලට ගෙන ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම සිද්ධිය යටපත් කිරීමට සුනිල් හඳුන්හෙත්ති මන්ත්‍රීවරයා ගැන මෙන්ම, පියුමි හංසමාලි එජාපයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වනවා යැයි ව්‍යාජ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරන ලෙසට සනත් නිශාන්ත ඔහුගේ ෆේස්බුක් ගෝල බාලයින්ට පවසා ඇතැයි දැනගන්නට ලැබේ.